දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයේ මංගල උත්සව සහ සංගීත සංදර්ශනවලට සහභාගී විමේ දි පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණයක්

ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශන වලට සහභාගී විමේ දි කොවිඩ් පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව තීරණය කල බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරිම සදහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි. මිනුවන්ගොඩ කොවිඩ් කමිටු රැස්වීමේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය. මිනුවන්ගොඩ කොවිඩ් කමිටුව මිනුවන්ගොඩ ප්‍රා දේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී (26) පැවැත්විණි.

කොවිඩ් පූර්ණ එන්නත්කරණය ලෙස සැලකෙන්නේ පළමුවන, දෙවන සහ තුන්වන මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන් පූර්ණ එන්නත්කරණ පුද්ගලයන් ලෙස සැලකෙන බවත් රට නැවත වසා දැමීමට නොහැකි බැවින් කොවිඩ් පැතිර යාම වැළැක්වීම සදහා යම් යම් ක්‍රියාමාර්ග ගැනිමට රජයට සිදුව ඇති බවත්, පෙන්වා දුන් ඇමතිවරයා රජය එම තින්දු ගන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශවලට අනුව බව ද කීවේය. කොවිඩ් වැඩිවුණොත් රට නැවතත් රතු ලැයිස්තුවට ඇතුලත් වි රටට සංචාරකයන් එන එක නතර විය හැකි බවත්, එවැනි තත්ත්වයක් මතු වුවහොත් ඩොලර් අර්බුදය තවත් උග්‍රවිය හැකි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. කොවිඩ් දෙවන හා තුන්වන රැල්ල ආරම්භ වුයේ මිනුවන්ගොඩ ප්‍ර දේශයෙන් බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා නැවත එවැනි තත්ත්වයක් ඇතිවිම වැළැක්විම සදහා සියලු පාර්ශව එක්ක කඩිනම් පියවර ගත යුතුව ඇතැයි ද කීවේය.

රටේ පොදු ස්ථානවලට ඇතුළුවිමේ දි පුර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරිම සදහා රජය කටයුතු කරමින් සිටින බවත්, නිති කෙටුම්පත් අංශ ඒ සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පැවසු ඇමතිවරයා ඊට සමගාමිව බුස්ටර් එන්නත ලබාදීම රජය කඩිනම් කිරිමට ද කටයුතු කරමින් සිටින බව කීවේය. මිනුවන්ඩෙ මැතිවරණ බල ප්‍ර දශයේ පාසල් මට්ටමින් බූස්ටර් එන්නත ලබාදෙන මධ්‍යස්ථාන වල දී සවස්වරුවේ අදාළ ප්‍ර දේශවාසීන්ට බූස්ටර් එන්නත ලබාදීමට ද මෙහි දි තිරණය කෙරිණි. පාසල් කටයුතු වලට බාධාවක් නොවන අන්දමින් එය සිදු කිරිමට උපදෙස් දුන් ඇමතිවරයා මිනුවන්ගොඩ සියලුම රාජ්‍ය ආයතනවල බූස්ටර් එන්නත ලබා නොගත් අයට සතියක් තුල බූස්ටර් එන්නත ලබාදි අවසන් කිරිමට ද උපදෙස් දුන්නේය. මීට අමතරව දරුවන් මගින් බූස්ටර් එන්නත ලබා ගැනීම සදහා දෙමවිපියන් උනන්දු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට ද තීරණය විය.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

2 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

2 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago