දේශීය

වසරේ මුල් දෙසතියේ සංචාරකයන් 39172 ක් ශ්‍රී ලංකාවට එයි. වැඩිම රුසියාවෙන්.

මේ වසරේ මුල් දෙසතිය තුල සංචාරකයන් 39172 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම දින 14 තුල මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියානු සමූහාන්ඩුවෙන් බවත් සංචාරකයන් 6963 ක් ඒ අනුව රුසියානු සමූහාන්ඩුවෙන් ගෙවි ගිය සති දෙකක කාලය තුල මෙරටට පැමිණ ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය පැවති පසුගිය වසරක (2021) කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,94,495කි. ඉන් වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසරේ අවසන් මාස 03 තුලයි. එම මාස 03 ක කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 156,571 කි.

පසුගිය සති 02 තුල රුසියානු සමූහාන්ඩුවට අමතරව වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, ඇමරිකාව වැනි රටවලිනි.සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්‍රථිඵලයක් ලෙස එම රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

සංචාරක පැමිණීම් වර්ධනය වීමත් සමග මේ වන විට එම ක්ෂේත්‍ර යේ නිරතවූවන් මුහුණ පා සිටින ගැටළු වලටද කිසියම් සහනයක් ලැබෙමින් තිබෙන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව
ඉහල නංවා ගැනිම සදහා රජය ගත යුතු ගතහැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවද කීවේය. මේ වසරේ ලෝකයේ විවිධ රටවල් වල පැවැත්වෙන සංචාරක ප්‍රදර්ශන සදහා සහභාගී වීමට ශ්‍රී ලංකාව දැනටමත් සැලසුම් කර තිබේ.මීට අමතරව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් හදුනාගත් රටවල විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන්ද ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.මීට අමතරව මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මුලාශ්‍ර වෙළදපොල ඉලක්ක කර ගනිමින් ගෝලිය
සන්නිවේදන වැඩ සටහන්ද ක්‍රියාත්මක කෙරෙන අතර මේ වසරේ මුල් කාර්තුව තුළ එය දියත් කිරිමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

Recent Posts

වැටුප් ඉල්ලා ලංකාදීප සේවකයෝ ලොක්කගේ කාර්යාලය වටලති

ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…

3 days ago

රාහුල රාත්‍රිය, ඔක්තෝබර් 25 කොළඹදී

මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…

4 days ago

විරාට් කෝලි අදත් 0 යි මෑන් සමුගනීද? Virat Kohli fails to score in Adelaide

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…

4 days ago

පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…

1 week ago

The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of Colombo

file The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of ColomboColombo,…

2 weeks ago

දකුණු දිග මුහුදෙන් හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 839ක් ගොඩ ගත් මෙහෙයුම

හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ට අධික තොගයක් දකුණුදිග මුහුදේ දී නාවික හමුදා…

2 weeks ago