පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ අනුව කේතය (QR Code) සහ යෙදුම (App) ජංගම දුරකථන යෙදුමක් ඔස්සේ ලබාදීමට සැලැසුම් කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කීය.
එන්නත්කරණය අනිවාර්ය කිරීමට හැකියාව නොමැති වුවද පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට හැකි බවත් ඒ සඳහා වන වැඩපිළිවෙල මේ අනුව ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
ලොව බොහෝ රටවල මෙම වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකව ඇතැයිද ජනතාව අවදානමින් බේරා ගැනීම සඳහා වන ඉතා ඉහළ සාධනීය තත්ත්වයන් මේ තුල පවතින්නේයැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් මේ වන විට එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ලොව පළමු රටවල් තුන හතරට ඇතුළත්ව ඇතැයිද මිලියන 43 ට වඩා මෙරටට එන්නත් ගෙන්වා ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
විශේෂයෙන් බූස්ටර් එන්නත ලබා දීම සඳහා අවශ්‍ය උපරිම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවත් එ් සඳහා සෞඛ්‍ය සේවාවේ සැවොම ලබා දෙන සහයෝගය අගය කරන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය. බූස්ටර් එන්නත ප්‍රාදේශීය මට්ටමින් ලබාදීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඉහළ කාර්යභාරයක් පැවරෙන්නේ යැයිද , ඒ සඳහා අවශ්‍ය සහය උපරිමයෙන් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවතින ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනය කරමින් ඉතා සාධනීය පියවර ගන්නා ලෙස අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඇතූළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක්ද එක්ව සිටියහ.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…