දේශීය

මහජන සේවය වෙනුවෙන් අධිකරණ අමාත්‍යංශයෙන් විශේෂිත ජංගම සේවාවක්

අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදු වන මහජන සේවාව මහජනතාවට සමීප කරවමින් යුක්තියට ප්‍රවේශයක් (ACCESS TO JUSTICE ) නමින් විශේෂ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව පැවැත්වීමට අධිකරණ අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.

එම ජංගම සේවාව තුළින් උපරිම ආකාරයේ ජනතා සේවාවක් ලබාදීම පිළිබදව වු සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්. සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍යාංශ දෙක යටතේ පවතින රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් අද (28) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වූණි.

මේ සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ උතුරු පළාතේ ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් ද එක්විය.

මෙම ජංගම සේවාව දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇති අතර උතුරු පළාත මූලික කර ගනිමින් අදාල කටයුත්ත ආරම්භ කිරීමට නියමිතව ඇත. 2022 ජනවාරි මස 28 වන දින සිට 31 වන දක්වා උතුරු පළාතෙහි විශ්ව විද්‍යාල සිසුන්, ප්‍රජා මුල නායකයින් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් ද පැවැත්වීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත.

විශේෂයෙන් මෙහිදී පොදු ජනතාවට බලපාන නීතින් පිලිබඳව ජනතාව දැනුවත් කිරීම, සංහිදියාව පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදීම, මත් ද්‍රව්‍ය භාවිතයෙන් වන අයහපත් ප්‍රතිඵල පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීම හා උතුරු පළාතේ ජනතාවට පවතින ඉඩම් ගැටළු උප්පැන්න විවාහ හා මරණ සහතික ලබා ගැනීම ඒ මොහොතේම සිදු කර ගැනීම වැනි පහසුකම් ද මෙම ජංගම සේවාව තුළින් සිදු කිරීමට නියමිතව තිබේ.
මෙම ජංගම සේවාව සදහා අමාත්‍යාංශ දෙක යටතේ පවතින රාජ්‍ය ආයතනවලට අමතරව විවිධ රාජ්‍ය ආයතනවල සහාය ලබා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර රැකියා ලබා ගැනීමේදී යොමු විය යුතු ආකාරය පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට ද කටයුතු යොදා ඇත.

මේ සදහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහෙහිම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන් ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට නියමිතය.

මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා සදහන් කළේ උතුරු පළාතේ ජනතාවට උපරිම ආකාරයේ සේවාවක් ලබා දිය හැකි පරිදි ජංගම සේවාව පැවැත්විය යුතු බවයි.

විශේෂයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහන් සදහා භාෂාත්‍රයම පිළිබදව දැනුමක් පවතින නිලධාරීන් යොමුකිරීමට කටයුතු කරන ලෙසත්, ජාතීන් අතර සංහිදියාව සමගිය සහෝදරත්වය ඇති වන ආකාරයේ වැඩ සටහන් පැවැත්වීම සිදු කළ යුතු බවත්, අමාත්‍යතුමා සදහන් කළේය.

අමාත්‍යාංශ දෙක යටතේ පවතින රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගෙන් ජංගම සේවාව සාර්ථකව පැවැත්වීම පිළිබඳව අදහස් හා යෝජනා ලබා ගැනීම ද මෙහිදි සිදු විය.

දිනමිණ පුවත්පත

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

3 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

3 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago