බන්ධනාගාරගතව සිටින සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට සිය උසස් අධ්‍යාපන කටයුතු කර ගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ රංජන් රාමානායක මහතා විසින් මේ පිළිබඳ කරන ලද ඉල්ලීම සම්බන්ධව අධිකරණ ඇමැතිවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ද උපදෙස් අනුව කටයුතු කරමින් සිටින බවයි.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ බාහිර උපාධි පාඨමාලාවකට අයදුම් කර ඇති රංජන් රාමනායක ඒ සඳහා අවශ්‍ය මූලික සහකික පත්‍ර පාඨමාලාව සමත් වී සිටී. සිර දඬුවම් නියම වීම නිසා ඉන් පසුව හැදැරීමට නියමිත උපාධි පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට ඔහුට නොහැකි වූ අතර, කොවිඩ් වසංගත තත්ත්වය මත මේ කටයුතු අදාළ පාඨමාලා පවත්වාගෙන යෑම ද විශ්වවිද්‍යාලය තාවකාලිකව අත්හිටුවා තිබිණි. පසුගිය දෙසැම්බර් පළමු වැනිදා විවෘත විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලා සඳහා රංජන් රාමනායක සිය ලියාපදිංචිය අලුත් කරන ලද අතර, මේ වන විට එහි දේශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රංජන් රාමානායක දණහිසේ ඇති වූ ආබාධයකට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර දීමට මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර එවා තිබේ.
මේ අනුව ඔහුගේ ප්‍රකාර මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ද රංජන් රාමනායකව වැලිකඩ බන්ධනාගාරයේම රඳවා තබා ඔහුට සිය උපාධි පාඨමාලාවේ ඔන්ලයින් දේශනවලට එක් වීමට අවස්ථාව දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හරහා අධිකරණ ඇමැති අලිසබ්රි මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඔන්ලයින් ක්‍රමවේදය සඳහා පහසුකම් නැති බවත්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් මේ පාඨමාලා සඳහා නිකුත් කරන පොත පත අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත ගොස් රංජන් රාමනායකට දීමේ දුෂ්කරතා පවතින බවත් එම ඉල්ලීමේ සඳහන් වී තිබිණ.
මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ චන්දන ඒකනායක මහතා පැවසුවේ ඔන්ලයින් ක්‍රමයට දේශන සඳහා රංජන් රාමනායකට අවසර දීම පිළිබඳ ගැටලු පවතින බවයි. කෙසේ වෙතත් රංජන් රාමනායකට සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමු වීමට වටපිටාව සකස් කිරීම සම්බන්ධව කළ ඉල්ලීම පිළිබඳ මේ දිනවල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙන බවද ඒ මහතා කීය.
මරණ දණ්ඩනය නියම වූ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවකු වන ඉන්දික බමුණුසිංහට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියත් ගැනීමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු කර ගෙන යෑමට මෙයට පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදි.
දිනමිණ පුවත්පතෙන්
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…