දේශීය

එන්නත් 2ම අනිවාර්ය කරන නීති කඩිනමින් ගෙනෙනවා – සෞඛ්‍ය ඇමැති

කොවිඩ් -19 රෝගය වැළැක්වීම සඳහා වන එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්ය කරන නව නීති කඩිනමින් ගෙන එන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

හතරලියද්ද ප්‍රදේශයේ මාර්ග සංවර්ධන වැඩසටහනකට ඊයේ (08) සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කීවේය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ සෞඛ්‍ය ඇමැතිවරයා මෙසේද කීය…

කොවිඩ් රෝගය හමුවේ මේ වන විට මුළු ලෝකයම වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් විධිමත් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් මත රට විවෘත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපත් ඒ ක්‍රමයටම අනුගත වීම තමයි දැන් සිදුවන්නේ. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය යොමු කළ යුතුයි. රජයේ සේවකයන්ට රජයෙන් යම්කිසි දීමනාවක් ලැබුණත් අනෙකුත් සාමාන්‍ය ජනතාව මේ කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඒ අය සම්බන්ධයෙන් අපි යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. කෙසේ වෙතත් මෙම රෝගය වැළැක්වීම සඳහා රජය ලබාදෙන එන්නත් දෙකම සෑම පුරවැසියෙක්ම අනිවාර්යයෙන්ම ගත යුතුයි.

සෞඛ්‍ය හා අදාළ සියලු අංශ එක්ව 09 වෙනිදා පස්වරුවේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වනවා. මෙහිදී අපි ඔමික්‍රෝන් වයිරසය සම්බන්ධයෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී සංචාරක කර්මාන්තය, ගුවන්තොටුපළ ඇතුළු අදාළ අනෙකුත් අංශ පිළිබඳවත් තීන්දු තීරණ ගන්නවා. රට විවෘතව තබා ගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව. මේ වන විට යම් කිසි ගැටලුවක් තිබෙනවා ඔමික්‍රෝන් වයිරසය සමඟ ලංකාවට පැමිණි කාන්තාව සම්බන්ධයෙන්. ඇය කිසිඳු එන්නතක් ලබා නොගත් අයෙක් බවට වාර්තා වෙනවා. මේක ගැටලුකාරී තත්ත්වයක්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකර තීන්දු තීරණ ගත යුතුයි. යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා. කොවිඩ් -19 රෝගය වැළැක්වීම සඳහා වන එන්නත් දෙක ලබා ගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් නව නීති මේ වන විට සැකසෙමින් පවතිනවා. අවශ්‍ය අයට ඒ එන්නත් දෙකම ලබාගත් බවට සහතික කළ කාඩ් පත ලබා ගන්න පුළුවන්. ඇප් එකක් ඒ සඳහා නිර්මාණය කර තිබෙනවා එමගින් එම කටයුත්ත කරගන්න පුළුවන්. ඉදිරියේදී සෑම පොදු කටයුත්තකදීම මේ කාඩ් පත අවශ්‍ය වේවි. ඉදිරි උත්සව කාලයේ දී වුවත් සීමාවන් පැනවීමට අප බලාපොරොත්තු වන්නේ නෑ. අපි හිතන්නේ දැන් සීමාවන් පැනවීමේ සීමාවක් තිබිය යුතුයි කියලයි.

පාසල් ඇතුළු සෑම දෙයක්ම ක්‍රමක්‍රමයෙන් සාමාන්‍යකරණය කිරීම අපේ බලාපොරොත්තුවයි. මේ රටේ සියලු දෙනාටම බූස්ටර් එන්නත දීමට අපි කටයුතු කරනවා. රජය කොපමණ උත්සාහ කළත් ජනතාව ඒ සඳහා සහාය ලබා දෙන්නේ නැත්නම් මේ කිසිවක් කරන්න බැහැ. රටේ ජනතාව මේ තත්ත්වය තේරුම් අරගෙන සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව කටයුතු කළොත් අපිට සෑම දෙයක්ම ජය ගන්න හැකියාව තිබෙනවා.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

3 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

3 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago