සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර සාකච්ඡාවක් ඉකුත් දා කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවත්විණි.
සිනමා කර්මාන්ත ක්ෂේත්‍රයේ දැනට පවතින ගැටලු, යෝජනා සහ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී. සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය සහ නියාමනය සඳහා නියාමන අධිකාරියක අවශ්‍යතාව, අන්තර්ජාතික සිනමාව තරණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම ඇතුළු යෝජනා සහ අදහස් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි

සිනමා කර්මාන්තය වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් තමන් සුදානම් බව පැවසූ විමල් වීරවංශ මහතා, සිනමා කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් ලබාදෙමින් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීමට සිනමා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව අමාත්‍යාංශ උපදේශක සභාවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාවට ජැක්සන් ඇන්තනී, සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, අශෝක හඳගම, උදයකාන්ත වර්ණසූරිය, උද්දික ප්‍රේමරත්න, නිලේන්ද්‍ර දේශප්‍රිය, මහේෂ් මුණසිංහ, ජයරත්න ගලගෙදර, ප්‍රවීන් ජයරත්න, රසිත ජිනසේන, තුෂාර රංගන යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
උපුටා ගැනීම – සරසවිය පුවත්පතෙන්




