Saturday, April 18, 2026
Homeදේශීයරතු වරෙන්තු ලැබූ බ්‍රසීල තරුණිය මෙරටින් පිටුවහල් කෙරේ

රතු වරෙන්තු ලැබූ බ්‍රසීල තරුණිය මෙරටින් පිටුවහල් කෙරේ

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි , ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත , බ්‍රසීල ජාතික තරුණියක් , ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අද (09) දින උදෑසන කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

ආපසු එම කාන්තාව බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .

ඇය කැරොලයින් අරවුජෝ ද සිල්වා (Caroline Araujo De Silva ) නැමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත බ්‍රසීල ජාතික 23 හැවිරිදි තරුණියකි .

බ්‍රසීල රජය මගින් ඇය අත් අඩංගුවට ගැනීමට සැරසෙන විට , ඇය තායිලන්තය වෙත පැන ගොස් තිබුණි .

එනිසා ඇය අත් අඩංගුවට ගැනීම සදහා බ්‍රසීල රජය ජාත්‍යන්තර පොලීසියේ සහාය පතා තිබූ අතර , ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය විසින් ඇය අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිවේදන නිකුත් කර තිබුණි .

ඇයගේ තායිලන්ත වීසා කාළය නිමා වීම හේතුවෙන් , තායිලන්තයෙන් ඇය මෙසේ ශ්‍රී ලංකාව බලා පිටත්වී තිබේ .

නැවත එම කාන්තාව අද (09) උදෑසන 10.20 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයෙන් දෝහා ඔස්සේ බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්හ .

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්