ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ තවත් සුවිශේෂී තරඟයක් අද (10) පැවැත්වීමට නියමිතයි. ඒ Kandy Falcons සහ Jaffna Kings කණ්ඩායම් දෙක අතර.
LPL තරඟාවලියේ Kandy Falcons සහ Jaffna Kings කණ්ඩායම් දෙක මෙතෙක් සහභාගී වූ තරඟ දෙකම ජයග්‍රාහණය කර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක වෙනවා.
අද තරඟය රාත්‍රී 7.30 ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.


