Friday, October 16, 2026
Homeදේශීයමැන්ඩවුස් බලපෑමෙන් වගා බිම් රැසකට හානි

මැන්ඩවුස් බලපෑමෙන් වගා බිම් රැසකට හානි

මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු ප්‍රදේශයේ වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන ප්‍රදේශ රැසක ගොවි ජනතාවගේ වගා බිම් රැසක් විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

හමා එන අධික සුළං තත්වයත් සමඟ කෙසෙල්, ගස්ලබු ආදි වගාවන් විශාල ලෙස ඇද වැටී මෙලෙස විනාශයට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.

මැන්ඩවුස් සුළි කුණාටුව නිසා අද (10) දහවල් කාලය වන විට උතුරු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ අවට තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබුණා.

READ:   අද දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්