Friday, October 16, 2026
Homeදේශීයගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ඇතිවිය හැකියි

ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ඇතිවිය හැකියි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මැන්ඩවුස්” සුළි කුණාටුව අද අළුයම් කාලය වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් දෙසැම්බර් 10 වැනි දින දහවල් වන විට පීඩන අවපාතයක් දක්වාත් තවදුරටත් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරයි.

ඒ අනුව, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි එමගින් ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇත.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40පමණ තද සුළං ඇති විය හැකියි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං ඇති වීමේ හැකියාවක් ඇත.

READ:   ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර පැවැත්වෙන දිනය ප්‍රකාශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්