Wednesday, September 9, 2026
Homeදේශීයපොහොර ගන්න ගොවීන්ට වවුචරයක්: මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්...

පොහොර ගන්න ගොවීන්ට වවුචරයක්: මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත් වෙයි..

මෙවර යල කන්නයේ දී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා.

අදාළ යෝජනාවට මුදල් කමිටුවේ ද අනුමැතිය හිමිවූ බව
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

පොහොර ආනයනය කරන සියලු ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද(04) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

අදාළ මුදල් යොදා ගනිමින් යල කන්නයේදී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට පොහොර මිලදී ගත හැකි බව අමාත්‍යවරයා පවසනවා.

පොහොරවල ප්‍රමිතිය අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලබන මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත් වන බවයි.

එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට පවරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ඉන්දීය ක්‍රීඩකයෙකුගෙන් උපන් ගමට තෑග්ගක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්