ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සේවය කරමින් සිටි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සිය දෙවන PCR පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බවට තහවුරුවීමත් සමග ඔහු සමග සේවය කළ පිරිසක් මෙලෙස නිරෝධායනය සඳහා යොමු කළ බවය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 05 දෙනෙක් ඔහුගේ පළමු ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිරෝධායනය සඳහා යොමුකර ඇත.
එම ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග සේවය කළ තවත් ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 21 දෙනෙක් ද මේ වනවිට වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 16 හි සේවය කිරීම සඳහා කළුතර පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 50 දෙනෙක් අනුයුක්ත කර තිබුණි.
ඔවුන්ගෙන් 28 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායනයට යොමු කර ඇති අතර අනෙක් ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 22 දෙනා කළුතර පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
gagana news
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…