බන්ධනාගාර රැඳවියන් 50 කට ආසන්න සංඛ්‍යාවක් මහනුවර බොගම්බර බන්ධනාගාරයේ මෙම විරෝධතාවයේ නිරතව සිටිනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම කණ්ඩායම බන්ධනාගාරයේ වහලයට නැග විරෝධතාවයේ යෙදී සිටින බවයි.
කොවිඩ් වෛරසය පැතිරීමත් සමඟ බොගම්බර බන්ධනාගාරයේ සිටින සියලුම රැඳවියන් සඳහා පීසීආර් පරීක්ෂණ පවත්වන ලෙස උද්ඝෝෂකයින් ඉල්ලා සිටිනවා.
බෝගම්බර බන්ධනාගාරයේ වටා මේ මොහොත වන විට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර බන්ධනාගාර ආරක්ෂක නිලධාරින් මෙන්ම පොලිස් නිලධාරින් ද අවට රැස්ව සිටියා.
මෙම බන්ධනාගාරයේ රැදවියන් 740ක් පමණ සිටින බව වාර්තා වනවා
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ රටේ බන්ධනාගාර ගණනාවක රැඳවියන් 153 දෙනෙකු මෙම වෛරසය වැළඳී ඇති බවයි.
කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ කොරොන වයිරසය සමඟ රැඳවියන් 114 කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව වාර්තා වුණා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඔවුන්ගෙන් 20 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර 94 ක් කාන්තා රැඳවියන් බවයි.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…