Sunday, April 26, 2026
Homeදේශීය‌බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් PCR පරීක්ෂණ ඉල්ලා වහල උඩ නැග උද්ඝෝෂනයක

‌බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් PCR පරීක්ෂණ ඉල්ලා වහල උඩ නැග උද්ඝෝෂනයක

බන්ධනාගාර රැඳවියන් 50 කට ආසන්න සංඛ්‍යාවක් මහනුවර බොගම්බර බන්ධනාගාරයේ මෙම විරෝධතාවයේ නිරතව සිටිනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම කණ්ඩායම බන්ධනාගාරයේ වහලයට නැග විරෝධතාවයේ යෙදී සිටින බවයි.

කොවිඩ් වෛරසය පැතිරීමත් සමඟ බොගම්බර බන්ධනාගාරයේ සිටින සියලුම රැඳවියන් සඳහා පීසීආර් පරීක්ෂණ පවත්වන ලෙස උද්ඝෝෂකයින් ඉල්ලා සිටිනවා.

බෝගම්බර බන්ධනාගාරයේ වටා මේ මොහොත වන විට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර බන්ධනාගාර ආරක්ෂක නිලධාරින් මෙන්ම පොලිස් නිලධාරින් ද අවට රැස්ව සිටියා.
මෙම බන්ධනාගාරයේ රැදවියන් 740ක් පමණ සිටින බව වාර්තා වනවා

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ රටේ බන්ධනාගාර ගණනාවක රැඳවියන් 153 දෙනෙකු මෙම වෛරසය වැළඳී ඇති බවයි.

කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ කොරොන වයිරසය සමඟ රැඳවියන් 114 කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව වාර්තා වුණා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඔවුන්ගෙන් 20 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර 94 ක් කාන්තා රැඳවියන් බවයි.

READ:   2023 දී රජයේ ආයතන වල වියදම් පාලනය කළ යුතුයි! චක්‍රලේඛනයක් නිකුත් වෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්