Manoj Rathnayaka

ඉන්දීය කොරෝනා ප්‍රභේද ශ්‍රි ලංකාවෙන් හමුවේ

ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනය…

5 years ago

කොවිඩ්එන්නත ජනතාවට දීම සහ ගෙන්වීම වේගවත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. කෙටි කාලයක් තුළ…

5 years ago

ලෝක මාධ්‍ය නිදහස් දිනයට අගමැති පණිවිඩය

ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත එම නිවේදනය උපුටා ගැනීම ලෝක මාධ්‍ය නිදහස්  දිනය…

5 years ago

කොවිඩ් රෝගීන් ලංකාවට පනිනවාට වයඹදිග හා උතුරු මුහුදේ ආරක්ෂාව තර කරයි – නාවික හමුදාව

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රි ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා…

5 years ago

වසරේ කාන්තා ව්‍යවසායිකා සම්මානය වික්‍රමාරච්චි රසායනාගාරයට

ආයුර්වේද නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන වික්‍රමාරච්චි රසායනාගාරය ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL)සංවිධාන කළ වසරේ ව්‍යවසායකයා සම්මාන…

5 years ago

සල්ලි හම්බ කරන එක මම දැන් නවත්තලා – කෙන් බාලේන්ද්‍

මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි.…

5 years ago

පෝට් සිටි පනත ව්‍යවස්ථාවට පටහැනි නැහැ – නීතිපති

වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී.…

5 years ago

හිංසාවේ විලාපය…

නව වසර උදාවෙන මොහොතේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තු කරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්, ගල්, මනුෂ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය. ඒ ලෝකය තුළ ඔබ නිවැරදිකරුවෙක් බව ඇත්ත. නමුත් පින්වත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඩින් මොන තරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද? මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයන් මේ රාත්‍රියේ අත්විඳින්නා වූ පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්වෙන්නා වූ වෛරය, ක්‍රෝධය නව වසරේ අසුබ තුටු පඬුරක් සේ ලෝකයාට ලැඛෙනවා. ගස්වල වැඩ සිටින රුක්දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස් මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පා වෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේෂය, වෛරය, ක්‍රෝධය සකස්වෙනවා. මේ ද්වේෂයත් නව වසරක් උදාවෙද්දී ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි. එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක් නම් සිටිනවාද? මර බයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේෂය, වෛරය සකස්වෙනවා. මේ ද්වේෂයත් නව වසරේ ලෝකයා ලබන අසුබ තුටු පඬුරක්මයි. රතිඤ්ඤා කරලක් පුපුරා යනකොට එම හඬට, ගින්දරට පිළිස්සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස් මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිද? මේ විනාශවන සතුන්ගේ සිතේ සකස්වෙන ද්වේශයත් නව වසරේ ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි. ගස්වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශ වෙලා යනවා ඇතිද? ඔය දෙදරුම්කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන් සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත් තුළ සකස්වන ද්වේෂයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි. ඉහත කොටස් අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස් වන්නා වූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක් උදාවෙන්නේ. මේ අමානුෂික ඛේදවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය. පින්වත් ඔබට මාර සිතක් ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ චේතනාවක් ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේෂය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක් සේ නොව, අසුබ වියරු අඳෝනාවක් සේ වායු ගෝලයට එකතු වනවා නියතය. බියෙන්, වෛරී චේතනාවන් සකස් කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතු වූ රතිඤ්ඤා පත්තු කළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්කොට ගැනීමේ ස්වභාවයද පින්වත් ඔබ තේරුම් ගත යුතුය. සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේෂය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැගව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යා සහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා දුක කරා රැගෙන යනවාද කියලා? පන්සලේ ඝන්ඨාරය නාද කරනකොට, හේවිසියක හඬ ඇසෙනකොට, මගුල් බෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්, සංයමයක් එහි තිඛෙනවාද. එම හඬින් ඉහතින් දැක්වූ විනාශයන්, අකුසලයන් සිදු වෙනවාද? කුඩා කිරි දරුවෙක් නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක් කිරීමට අවශ්‍ය නම් පමණක් මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මගුල් බේරයක් නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක් බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක් වරදක් නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ. දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා. තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා. හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක් උදාවෙන්නේ. සශ්‍රීක දිව්‍යතලවල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා. කාටද මේ ආශිර්වාද කරන්නේ? සීලයට. පින්වත් ඔබ සීලයෙන් හික්මුන නිසයි, රතිඤ්ඤා පත්තු කිරීමෙන් සත්ව ඝාතන, සත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්කේ. සිල් පද ආරක්ෂා කරන්න උත්සාහ ගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියාවෙන් වැළකුනේ. සීලයට වටිනාකමක් දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. සීලයට වටිනාකමක් දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තු කිරීමෙන් සතුනට මරණය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් චේතනාවක් සකස් වෙලා. නව වසර පින්වත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක් සිදුකරන්න පුළුවන්ද. මේ පුංචි දෙය වෙනස් කර ගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුර ගමනකට වැටෙන්න ඉඩ තිඛෙනවාද…? මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපිපෙළින් උපුටාගත්තකි.

5 years ago

⚠️ ඔබට හොරෙන් ඔබේ ජංගම දුරකතනයෙන් ඔත්තු බලන පෙගසස් (Pegasus)

පෙගසස් (Pegasus) යනු ජංගම දුරකතන සඳහා නිෂ්පාදනය කරන ලද මෘදුකාංගයක් වන අතර එම මෘදුකාංගය ස්තාපනය (install) කරන ලද ජංගම දුරකතනයක්,…

5 years ago

මම අදත් සරත් එන් සිල්වාට බල්ලා කියනවා – එස් බී කියයි

තමා අදත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට බල්ලා කියන බවඑස් බී දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද නෙලුම්…

5 years ago

ජාතික ආරක්ෂාව බිඳ වැටීම පාස්කු ප්‍රහාරයට හේතු වුණා – සරත් වීරසේකර

බුද්ධි අංශ මුළුමනින්ම අකර්මණ්‍ය කරමින් හමුදාවේ චිත්ත ධෛර්යය දුර්වල කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය කිරීම හා ජාතික ආරක්ෂාව බින්දුවටම ඇද…

5 years ago