Categories: දේශීය

වසරේ කාන්තා ව්‍යවසායිකා සම්මානය වික්‍රමාරච්චි රසායනාගාරයට

ආයුර්වේද නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන වික්‍රමාරච්චි රසායනාගාරය ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL)සංවිධාන කළ වසරේ ව්‍යවසායකයා සම්මාන උලෙළේදී ජාතික මට්ටමේ, මධ්‍ය පරිමාණ කාණ්ඩයේ, වසරේ විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාව සහ බස්නාහිර පළාතේ, මධ්‍ය පරිමාණ කාණ්ඩයේ, වසරේ විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාව යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබුවා.

සම්මාන උලෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස BMICHහිදී පැවැත්විණි. වික්‍රමාරච්චි රසායනාගාරයේ ව්‍යාපාර හවුල්කාරිනී රුවිනි ඉරෝෂා වික්‍රමාරච්චි මහත්මිය එහිදී සම්මානය ලබා ගත්තාය. “මෙය සැබැවින්ම තනි පුද්ගලයකුගේ ජයග්‍රහණයක් නොව කණ්ඩායමක් වශයෙන් ලැබු ජයග්‍රහණක්. මේ ජයග්‍රහණයට දායකත්වය දැක්වූ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තූතිවන්ත වන අතර, අපගේ නිෂ්පාදන විශ්වාස කළ පාරිභෝගිකයන්ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.” රුවිනි ඉරෝෂා වික්‍රමාරච්චි මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය සම්පන්න ජාතිකයක් ගොඩ නැඟීමේ අරමුණින් 1972දී ඇරැඹූ වික්‍රමාරච්චි රසායනාගාරය වර්තමානයේදී ආයුර්වේද නිෂ්පාදන 200කට වැඩි ප්‍රමාණයක් දේශයට දායාද කර ඇති සාර්ථක සමාගමක් බවට පත් වී ඇත. මුහුණ පැහැපත් කරන රුව සම්පත හා අන්ජනාලේප ක්‍රීම්, සමෙහි සුවතාව සඳහා වන සුවේගා ක්‍රීම්, වික්‍රමාරච්චි දියවැඩියා සුවය, කප්රුක සුවඳ කුඩු, පාවට්ටා තල් සූකිරි පැණිය, ඕරල් කෙයා මවුත්වොෂ්, දස පංගුව කුඩු, ශක්ති කුරුඳු තේ සහ මුරුංගා කැප්සියුල් වැනි නිෂ්පාදන සමාගමේ ජනප්‍රිය නිෂ්පාදන අතර වේ. නවීනතම යන්ත්‍ර අනුසාරයෙන් මෙන්ම දක්ෂ වෘත්තිකයන් රැසකගේ සහයෝගයෙන් සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන සකසන වික්‍රමාරච්චි රසායනාගාරය ඉතා සාර්ථක ව්‍යාපාර ගමන තුළ ඵලදායිතා, ශිල්ප, ව්‍යවසායකත්ව හා SMIDEX ආදී සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. එසේම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ව්‍යාපාර කටයුතු මෙහෙයවීම නිසා ,

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

17 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

18 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago