Categories: දේශීය

වසරේ කාන්තා ව්‍යවසායිකා සම්මානය වික්‍රමාරච්චි රසායනාගාරයට

ආයුර්වේද නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන වික්‍රමාරච්චි රසායනාගාරය ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL)සංවිධාන කළ වසරේ ව්‍යවසායකයා සම්මාන උලෙළේදී ජාතික මට්ටමේ, මධ්‍ය පරිමාණ කාණ්ඩයේ, වසරේ විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාව සහ බස්නාහිර පළාතේ, මධ්‍ය පරිමාණ කාණ්ඩයේ, වසරේ විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාව යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබුවා.

සම්මාන උලෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස BMICHහිදී පැවැත්විණි. වික්‍රමාරච්චි රසායනාගාරයේ ව්‍යාපාර හවුල්කාරිනී රුවිනි ඉරෝෂා වික්‍රමාරච්චි මහත්මිය එහිදී සම්මානය ලබා ගත්තාය. “මෙය සැබැවින්ම තනි පුද්ගලයකුගේ ජයග්‍රහණයක් නොව කණ්ඩායමක් වශයෙන් ලැබු ජයග්‍රහණක්. මේ ජයග්‍රහණයට දායකත්වය දැක්වූ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තූතිවන්ත වන අතර, අපගේ නිෂ්පාදන විශ්වාස කළ පාරිභෝගිකයන්ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.” රුවිනි ඉරෝෂා වික්‍රමාරච්චි මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය සම්පන්න ජාතිකයක් ගොඩ නැඟීමේ අරමුණින් 1972දී ඇරැඹූ වික්‍රමාරච්චි රසායනාගාරය වර්තමානයේදී ආයුර්වේද නිෂ්පාදන 200කට වැඩි ප්‍රමාණයක් දේශයට දායාද කර ඇති සාර්ථක සමාගමක් බවට පත් වී ඇත. මුහුණ පැහැපත් කරන රුව සම්පත හා අන්ජනාලේප ක්‍රීම්, සමෙහි සුවතාව සඳහා වන සුවේගා ක්‍රීම්, වික්‍රමාරච්චි දියවැඩියා සුවය, කප්රුක සුවඳ කුඩු, පාවට්ටා තල් සූකිරි පැණිය, ඕරල් කෙයා මවුත්වොෂ්, දස පංගුව කුඩු, ශක්ති කුරුඳු තේ සහ මුරුංගා කැප්සියුල් වැනි නිෂ්පාදන සමාගමේ ජනප්‍රිය නිෂ්පාදන අතර වේ. නවීනතම යන්ත්‍ර අනුසාරයෙන් මෙන්ම දක්ෂ වෘත්තිකයන් රැසකගේ සහයෝගයෙන් සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන සකසන වික්‍රමාරච්චි රසායනාගාරය ඉතා සාර්ථක ව්‍යාපාර ගමන තුළ ඵලදායිතා, ශිල්ප, ව්‍යවසායකත්ව හා SMIDEX ආදී සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. එසේම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ව්‍යාපාර කටයුතු මෙහෙයවීම නිසා ,

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

6 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

6 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago