Sunday, June 28, 2026
Homeදේශීයඅකුරණට බෝම්බ බිය ඇති කළ මවුලවිවරයා රිමාන්ඩ්

අකුරණට බෝම්බ බිය ඇති කළ මවුලවිවරයා රිමාන්ඩ්

අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයා මැයි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබෙනවා.

ඔහු 21 හැවිරිදි වියේ පසුවන මවුලවිවරයෙක් බව පොලීසිය සඳහන් කරයි.

අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අද (22) අත්අඩංගුවට ගනු ලැබුවා.

පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ, හාරිස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේදී.

READ:   පෙහොට්ටුවේ ඉන්න උන් ජනාධිපතිව රවට්ටනවා - මරික්කාර් (VIDEO)
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්