ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්ධනයට විරෝධය පළ කරමින් සහ අත්අඩංගුවට ගෙන සිටින අරගලයේ ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අන්නතර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෘත්තීය සංවිධාන රැසක් එකතු වී අද (30) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
මරදානෙන් ආරම්භ වූ මෙම විරෝධතාවයට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර ඇති අතර විරෝධතාවයේ නියැලුණු පුද්ගලයින් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.






