
ගංඟා කිහිපයක් ආශ්‍රිතව පදිංචි වී සිටින ජනතාවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අත්තනගලු, කළු, කැළණි, ගිං, නිල්වලා සහ මහවැලි ද්‍රෝණිවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ. එම ද්‍රෝණිවල පදිංචි ජනතාව අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ගංගා ද්‍රෝණි ඉහළ ප්‍රදේශවලදී ගංගා සහ අතු ගංගා භාවිතයේදී (ඔරු පැදීම්, දිය නෑම, ගංගා හරහා ගමන් කිරීම) සැළකිලිමත්වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ.


