Wednesday, July 22, 2026
Homeදේශීයනානුඔය කෙටි මාර්ගයේ බර වාහන තහනම් කෙරේ

නානුඔය කෙටි මාර්ගයේ බර වාහන තහනම් කෙරේ

නානුඔය කෙටි මාර්ගයේ තාවකාලිකව බර වාහන ධාවනය තහනම් කර තිබෙනවා.

පොලිසිය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා මෙම නියෝගය පනවා තිබෙනවා.

අධික බෑවුම් සහිත පටු මාර්ගයක් වන නුවරඑළිය – හැටන්, නානුඔය කෙටි මාර්ගයේ ගමන් කිරීම නිසා කොළඹ ත්‍රස්ටන් විද්‍යාලයේ සිසු දරුවන් රැගත් බස් රථයක් ඊයේ (20) අනතුරකට ලක්වුණා. අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම සිදුවීමත් මීට පෙරදී නානුඔය කෙටි මාර්ගයේ මාරාන්තික අනතුරු රැසක් සිදුව තිබීම හේතුවෙන් නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය අද (21) සිට තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තා වෙනවා.

READ:   BREAKING NEWS-පාසක්කුවේ යාඥාවයි පාගනමයි නවත්වන්න මීගමු පොලීසිය අධිකරණයට ගිහින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්