Saturday, June 6, 2026
Homeදේශීයනානුඔය අනතුර ගැන ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

නානුඔය අනතුර ගැන ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

නුවරඑළිය නානුඔය අනතුරින් තුවාල ලබා සිටින අයට කඩිනමින් සියලු පහසුකම් සලසන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

අවශ්‍යතාවයක් වුවහොත් තුවාලකරුවන් හැකි ඉක්මනින් කොළඹට රැගෙන ඒමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ ත්‍රස්ටන් විද්‍යාලයේ දරුවන් රැගෙන අධ්‍යාපන චාරිකාවක් සඳහා නුවරඑළියට ගොස් නැවත පැමිණෙමින් සිටි බස්රථයක් වැන් රථයක් හා ගැටීමෙන් ඊයේ (19) රාත්‍රීයේදී අනතුරක් සිදුවුණා.

අනතුරින් වෑන් රථයේ සහ ත්‍රී රෝද රථයක සිටි පුද්ගලයෙකු ඇතුලුව පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 53 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබුවා.

මෙම අනතුරින් ත්‍රස්ටන් විද්‍යාලයේ සිසු දරුවන්ට බරපතළ හානියක් සිදු නොවූ බව වාර්තා වුණා.

READ:   සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්