කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් රැගෙන අධ්‍යාපන චාරිකවක් සඳහා නුවරඑළියට ගොස් එමින් සිටියදී බස් රථයක් පෙරළි අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙනවා.
නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ දී පාසැල් බස් රථය වෑන් රථයක ගැටී ප්‍රපාතයකට පෙරළි ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් වෑන් රථයේ සහ ත්‍රී රෝද රථයක සිටි පුද්ගලයෙකු ඇතුළුව පුද්ගලයින් 7 දෙනෛකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුරින් තර්ස්ටන් විද්‍යාලයේ දරුවන්ට බරපතල හානියක් සිදු වී නොමැති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.


