Saturday, September 12, 2026
Homeදේශීයජාතික අක්ෂි රෝහලේ ශල්‍යාගාර වසා දැමීම ගැන ඇමතිගේ ඇස් ඇරෙයි..

ජාතික අක්ෂි රෝහලේ ශල්‍යාගාර වසා දැමීම ගැන ඇමතිගේ ඇස් ඇරෙයි..

ජාතික අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකුලතා ඇතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මේ වනවිට ඊට අදාළ තත්ත්ව පරීක්ෂාවක් සඳහා ශල්‍යාගාරයක් වසා දමා ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

සංකූලතා ඇතිවීමට හේතු වූ ඖෂධය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර මේ පිළිබඳ Life Traveler කළ විමසීමකදී ජාතික අක්ෂි රෝහලේ සියලුම ශල්‍යාගාර තාවකාලිකව වසා දමා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ඊයේ සඳහන් කළා.

ඒ, බැක්ටීරියාවක් ආසාදනය වීම හරහා රෝගීන් කිහිප දෙනෙකුගේ ඇස්වලට බලපෑමක් එල්ල වීම නිසා බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අනවාරණය කළා.

ඔහු සඳහන් කළේ, පසුගිය 14 වැනිදා සිට ශල්‍යාගාර වසා දමා ඇති බවයි.

READ:   දිමුත් අයර්ලන්තයට එරෙහිව අඛණ්ඩව දෙවන ශතකයත් රැස් කරයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්