Friday, April 17, 2026
Homeදේශීයඉන්දියාවෙන් ගෙනාපු බෙහෙතක අවුලක් නිසා ජාතික අක්ෂි රෝහලේ සියලු ශල්‍යාගාර වැසෙයි -...

ඉන්දියාවෙන් ගෙනාපු බෙහෙතක අවුලක් නිසා ජාතික අක්ෂි රෝහලේ සියලු ශල්‍යාගාර වැසෙයි – වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ හෙළි කරයි

ජාතික අක්ෂි රෝහලේ සියලුම ශල්‍යාගාර තාවකාලිකව වසා දමා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසනවා.

ඒ, බැක්ටීරියාවක් ආසාදනය වීම හරහා රෝගීන් කිහිප දෙනෙකුගේ ඇස්වලට බලපෑමක් එල්ල වීම නිසා බව Life Traveler කළ විමසීමකදී වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළා.

ඔහු සඳහන් කළේ, පසුගිය 14 වැනිදා සිට ශල්‍යාගාර වසා දමා ඇති බවයි.

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

මෙවැනිම ආකාරයේ සිදුවීමක් රටපුරා වෙනත් රෝහල්වලිනුත් වාර්තා වී ඇති බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අනාවරණය කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බව ද ඔහු පවසනවා.

විෂබීජය ඇතුළු වී තිබෙන්නේ ශල්‍යකර්මවලදී ලබාදෙන ඖෂධයක ප්‍රමිතිය පිළිබඳ හටගෙන ඇති ගැටලුවක් මුල් කරගෙන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අනාවරණය කරයි.

දැනට කර ඇති විමර්ශන අනුව එය ඇසට යොමු කරන ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධයක් බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අවධාරණය කරමින් පවසනවා.

එබැවින් එම ඖෂධ වර්ගය මේ වනවිට රෝහල්වලින් ඉවත් කිරීමට ද කටයුතු කරන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අවධාරණය කරයි.

මෙම අනාවරණයේ සම්පූර්ණ වීඩියෝව නරඹන්න..

READ:   EPF, ETF ඇතුළු අරමුදල් ගැන කැබිනට් තීරණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්