අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයා මැයි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබෙනවා.
ඔහු 21 හැවිරිදි වියේ පසුවන මවුලවිවරයෙක් බව පොලීසිය සඳහන් කරයි.
අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අද (22) අත්අඩංගුවට ගනු ලැබුවා.
පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ, හාරිස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේදී.


