Monday, April 20, 2026
Homeදේශීයජනපති ලබන වසරේ සිට පාසල්වල කරන්න යන වෙනස

ජනපති ලබන වසරේ සිට පාසල්වල කරන්න යන වෙනස

ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේද පූරණ සහාය ඇතිව වාර්ෂික මහබැංකු වාර්තා පාසල්වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා ගුරුවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබාදෙන බව ද ඒ මහතා සඳහන් කළා.

file

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ අද (31) පැවති ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ’ පිහිටුවීමේ ජාතික වැඩසටහනේදී.

file

මේ අතර පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 සඳහා තෝරාගත් පාසල්වලට අමතරව මෙම වසර තුලදීම දිවයින පුරා තවත් පාසල් 200-300ක් අතර ප්‍රමාණයක ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බව ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

READ:   ප්‍රදේශ කිහිපයකට සවස් වරුවේ මි.මි. 75 ඉක්ම වූ තද වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්