සංචාරකයන්ට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොලවල ගත යුතු සහ ගත හැකි සියලු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කර තිබෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ සම්බන්ධය්න් ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම අද (21) සිට ක්‍රියාත්මක වන අතර ඊට සමගාමීව මත්තල ගුවන්තොටුපලද කටයුතු ක්‍රියාත්මක කරන බව ඇම්තිවරයා එහිදී පැවසීය.
සංචාරකයන් හා සමාජය අතර කොවිඩ් 19 රෝගය බෝ නොවන තත්ත්වයක් යටතේ ගුවන්තොටුපළ විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පසුගියදා (19) සහභාගි වෙමින්ද මීට පෙර ඇමතිවරයා පැවසීය.
මීට අදාළ දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් ඊයේ (20) දිනයේ පැවැත්විණි.
කටුනායක, මත්තල අද සිට සෞඛ්‍යාරක්ෂිතව විවෘතයි – ඇමති ප්‍රසන්න රණතුංග
නවතම වීඩියෝ
-
දුම්රිය වෘත්තීය සංගම් කියන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරනවාද??
-
මෙතන පහසුකම් වැඩියි නේද?? - එහෙම හිටිය මිනිස්සු මේ පදිංචි වෙන්නේ..PORT VIEW Residencies ජනතා අයිතියට
-
පැලවත්තෙනුත් දැන් අනුරව අතරමං කරලා ඉන්නේ - 22 ගැන කවුරුත් නොදන්න කතා ටිකක් වරුණ රාජපක්ෂ එළිකරයි !!
-
ත්‍රී රෝද රථ සංගම් ඇමතිට එන්තරවාසි යවයි.කණගාටුයි!! තීරණෙත් අරන් මාස 15ක් ගියා.


