Sunday, April 19, 2026
Homeදේශීයවැරැද්දට පක්ෂ භේද නැතිව වැරදි කීමට ධෛර්යය තියෙන්න ඕනේ - කාදිනල් හිමිපාණන්

වැරැද්දට පක්ෂ භේද නැතිව වැරදි කීමට ධෛර්යය තියෙන්න ඕනේ – කාදිනල් හිමිපාණන්

“වැරදි දේ කළහොත් ඒක වැරදි කියන්නට අපට ධෛර්ය තියෙන්නට ඕනේ. මේ හරි දේ හෝ වැරදි දේ කරන්නේ මොන පක්ෂයේ කෙනාද, මොන ආගමේ කෙනාද, මොන ජාතියේ කෙනාද කියන ප්‍රශ්නය නෙමෙයි වැදගත් වෙන්නේ, හරි දේ කිරීම.”

වැරදි දේට වැරදි කියන්න ධෛර්යයක් තියෙන්න ඔ්නේ.


කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ප්‍රධාන දේශනයට ඊයේ (20) එක් වෙමින් මේ බව ප්‍රකාශ කළහ.
එහිදී කාදිනල් හිමිපාණෝ මෙසේද පැවසූහ.
“කවදාවත් අපේ හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්නට හොඳ නැහැ. හෘද සාක්ෂිය ආරක්ෂා කරගැනීම අපේ වගකීමක්. මේ රට තුළ අද සිදුවෙමින් පවතින තත්ත්වය අපි මැන බලා දැනගත යුතුයි. ජාතිය, ආගම සහ භාෂාව තුළ නීතිය – අවනීතිය කරන්නට කටයුතු කරන්නේ නැතිව. වැරදි දේ කළහොත් ඒක වැරදි කියන්නට අපට ධෛර්ය තියෙන්නට ඕනේ. මේ හරි දේ හෝ වැරදි දේ කරන්නේ මොන පක්ෂයේ කෙනාද, මොන ආගමේ කෙනාද, මොන ජාතියේ කෙනාද කියන ප්‍රශ්නය නෙමෙයි වැදගත් වෙන්නේ, හරි දේ කිරීම. සත්‍ය බොරුව බවට හරවන්නට කටයුතු කරනවා. කෑ ගැසීම තුළින් සත්‍ය බොරු කරන්න බැහැ.”යි උන්වහන්සේ පැවසූහ.

READ:   රත්‍රං කිලෝ 32ක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්