Sunday, June 14, 2026
Homeදේශීයලෝකයම වසංගත බියෙන් ඇලලී ගියත් රටේ පාසල් යථා තත්ත්වයට ගේනවා - අගමැති...

ලෝකයම වසංගත බියෙන් ඇලලී ගියත් රටේ පාසල් යථා තත්ත්වයට ගේනවා – අගමැති මහින්ද රාජපක්ෂ

ලෝකයම වසංගත බියකින් වෙළී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දසවැනි සංවත්සර උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) ප්‍රකාශ කළේය. ඇතැමුන් විවිධ දෑ ප්‍රකාශ කළ ද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බව අගමැති රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

පාසල්වල දරුවන්ගේ පැමිණීම අඩු වී ඇතැයි තමන්ට දැනගන්න ලැබුණු බව කී අගමැතිවරයා සෞඛය මාර්ගෝපදේශවලට අනුව දරුවන් පාසල් වෙත යොමු කිරීම මෙවැනි අවස්ථාවක දෙමාපියන්ට පැවැරෙන වගකීමක් බවත් පැවැසීය.

READ:   ජනපති පවුලට අලුත් සාමාජිකාවක් එක් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්