දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 727 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 41 ක් සමගින් මුළු සැකකරුවන් 768 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 727දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 09 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 28 ක් වත්කම් විමර්ශන ආරම්භ කල සැකකරුවන් 01 ක් හා පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 06 ක් ද වෙනවා.
අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 41දෙනා අතර, විෂ මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තුකරුවන් 02 ක් ද, විෂ මත් ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 39 ක් සිටින බව සඳහන්.
මේ අතර පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ ලේඛනගත පාතාල අපරාධකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, මේ දක්වා සිදුකරන ලද මෙහෙයුම් වලදී ලේඛනගත පාතාල අපරාධකරුවන් 516 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම්වලදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,
හෙරොයින් 289 g 697 mg
අයිස් 461 g 083 mg
ගංජා 02 kg 39 g
ඇෂ් 278 g
මාවා 591 g 36 mg
තුල් 30 g 86 mg
මදන මෝදක 03 kg 571 g


