2026.09.12 වන දින කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා මඟහැර අනීතික ලෙස ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
රතු අලෝක සංඥාව දැල්වී තිබියදී බස් රථය හන්දියෙන් වමට ඇති මාර්ගයට යොමුකර එම මාර්ගයෙන් ආලෝක සංඥාව පසුකර හරවා නැවත ප්‍රධාන මාර්ගයට අනතුරු දායක මෙන්ම අනීතික ලෙස බස් රථය යොමුකරන ආකාරය වීඩියෝවේ පැහැදිලිව නිරීක්ෂණය වේ.
එම බසයේ අයිතිකරු මිරිහාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමට මිරිහාන පොලිස් ස්ථානයේ රථවාහන අංශය කටයුතු කර ඇති අතර බස් රථය ධාවනය කළ රියදුරු තෙදිනක් තුළ පොලිස් ස්ථානයට ඉදිරිපත්කරන මෙන් අවවාදකර ඔහුව මුදාහැර ඇත.
අදාළ රියදුරු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතකළ අයෙක්ද පරීක්ෂාකිරීම සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොමුකර අන්තර්දායක ලෙස රිය පැදවීම යටතේ රියදුරු ගරු අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.


