president-anura-three-years-catch-corruption-nikaweratiya
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි
තම රජයට තවත් වසර තුනක කාලයක් ඉතිරිව ඇති බවත්, එම කාලය තුළ දූෂණයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (11) නිකවැරටියේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“අපිට තව අවුරුදු තුනයි තියෙන්නේ. අපි මේ අවුරුදු තුනේම හොරු අල්ලනවා” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම, අතීතයේදී අපරාධකරුවන් සහ පොලිසිය අතර පැවති බව කියන සම්බන්ධතා පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “හොරා පොලිස් සෙල්ලම ඉවරයි. දැන් ඇත්තටම පොලිසිය ඇවිල්ලා” යනුවෙන්ද පැවසීය.
දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම තම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉදිරි දේශපාලන අභියෝග හමුවේද තම රජය පසුබට නොවන බවට අදහස් පළ කළේය.
අදාල වීඩියෝව
President says government will continue its fight against corruption during the remaining three years of…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…