Sunday, October 11, 2026
Homeදේශීය“අපිට තව අවුරුදු 3යි තියෙන්නේ… ඒ අවුරුදු තුනේම හොරු අල්ලනවා” – ජනපති...

“අපිට තව අවුරුදු 3යි තියෙන්නේ… ඒ අවුරුදු තුනේම හොරු අල්ලනවා” – ජනපති අනුර

නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි

තම රජයට තවත් වසර තුනක කාලයක් ඉතිරිව ඇති බවත්, එම කාලය තුළ දූෂණයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (11) නිකවැරටියේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“අපිට තව අවුරුදු තුනයි තියෙන්නේ. අපි මේ අවුරුදු තුනේම හොරු අල්ලනවා” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම, අතීතයේදී අපරාධකරුවන් සහ පොලිසිය අතර පැවති බව කියන සම්බන්ධතා පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “හොරා පොලිස් සෙල්ලම ඉවරයි. දැන් ඇත්තටම පොලිසිය ඇවිල්ලා” යනුවෙන්ද පැවසීය.

දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම තම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉදිරි දේශපාලන අභියෝග හමුවේද තම රජය පසුබට නොවන බවට අදහස් පළ කළේය.

අදාල වීඩියෝව

READ:   විමල් වීරවංශ මහතා පවත්වන විශේෂ මාධ්‍ය හමුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්