ක්‍රීඩා

ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි.-ජනපති

ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඉහළ යමින් පවතින රිය අනතුරු, තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැනි වත්මන් සමාජ ගැටලුවලට විසඳුම් සොයමින් නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීමේදී එය මනා පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

file

ක්‍රීඩාව තරගයකින් එහාට ගිය දෛනික ජන ජීවිතය හා බැඳුණු ක්‍රියාකාරකමක් බවට පත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්‍රීඩා තරග පැවැත්වීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ අත්පත් කර ගැනීම පමණක් නොව සමස්ත සමාජය තුළ ක්‍රීඩා ප්‍රබෝධයක් ඇති වන අයුරින් ඒවා සැලසුම් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

එමෙන්ම 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දක්ෂ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම, පුහුණු කිරීම සහ පහසුකම් සැපයීම සිදු කරමින් ජයග්‍රහණය අත්පත් කර ගැනීමට ඔවුන් සූදානම් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

file

ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩා පරපුරක් රට තුළ බිහි කිරීම වෙනුවෙන් දැනුමෙන් සහ කුසලතාවෙන් පිරිපුන් දක්ෂ පුහුණුකරුවන් කණ්ඩායමක් අවශ්‍ය බවත්, ඒ සඳහා සැලසුම් සකස් කරන ලෙසත් මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා ක්‍රීඩාවෙන් රට ඉදිරියට ගෙන යාමට එය අත්‍යවශ්‍ය කරුණක් බවද පැවසීය.

file

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ජාතික ක්‍රීඩා විද්‍යායතනය, සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය, උත්තේජන මර්දන නියෝජිතායතනය, ජාතික යොවුන් සේනාංකය, ජාතික තරුණ සේවා සභාව, නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය ඇතුළු ආයතන විසින් 2026 වසරේ ක්‍රියාවට නංවන ලද ව්‍යාපෘති 2027 වසරේ සැලසුම් සහ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

එමෙන්ම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති වන මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය, කිලිනොච්චිය දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය, කල්මුණේ සන්දංගනී ක්‍රිඩාංගණය ඇතුළු ක්‍රීඩා සංකීර්ණවල ඉදිකිරීම් සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සහ දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා නවීන තාක්ෂණයෙන් සහ පහසුකම්වලින් සමන්විත සුවිශේෂී “ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක්” ස්ථාපිත කිරීමේ කටයුතුවල ප්‍රගතිය සහ සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

2 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

4 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

4 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

6 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

6 days ago