දේශීය

ළමුන් 46000ක් හිංසනයට ලක් වෙලා,ඔවුන්ට කඩිනමින් යුක්තිය ඉටුවිය යුතුයි!! – සජිත්

අද වන විට අප රටේ ළමා හිංසනයට, අපයෝජනයට ලක්වූ 46000ක් නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවන තෙක් බලාගෙන සිටින බවත් මෙසේ අපයෝජනයට හිංසනයට අසාධාරණයට ලක්වූ දරුවන් ඔවුන්ගේ ළමා කාලය තුළ අදාළ හිංසයන්ට අදාළ යුක්තිය ලැබී නැති බව බොහෝ නිරීක්ෂකයන් විසින් පෙන්වා දෙන නිසා මේ 46000ක් වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න අවශ්‍ය පියවර ගැනීම ප්‍රමාද කරන්නේ ඇයිද කියා ප්‍රශ්නයක් ඇති බවත් මේ පැමිණිලි විභාගයට ගැනීම ප්‍රමාද නොකර අපයෝජනයට හිංසනයට හිරිහැරවලට ලක්වූ දරුවන් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු කිරීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී ය.

රජය ළමා අයිතිය හා ආරක්ෂණය ගැන ඉහළින් කතා කළ නිසා ඒ කතා ක්‍රියාවට නැංවිය යුතු බවත් 2019 දී ජාතින ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය ආරම්භ කර එය 2025 වන විට ක්‍රියාත්මක කරන බවට පැවසුවත් අද වන විට මේ රජය එය ක්‍රියාත්මක කරන්නේ 2029 සිට බවත් 2024 ජනවරම ලබා ළමා පරපුර ආරක්ෂා කරන්න ලැබු වරම ක්‍රියාත්මක කරන්නේ 2029 කියා රජය තීන්දු තීරණ ගන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මෙය ළමා පරපුරට කරන දැඩි අසාධාරණයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ළමා ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ඕනෑම පියවරකට සහයෝගය ලබා දෙනවා

අධිකරණයේ මේ වන විට යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය තුළ නඩු 4000ක් ඇති නිසා මේවා කඩිනමින් විභාග කළ යුතු බවත් මේවා ප්‍රමාද වීම පිළිගත නොහැකි බවත් ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය මේ වසරේම ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ සහයෝගය ලබා දෙන බවත් 46000ක් පැමිණිලි විභාග කර යුක්තිය ඉටු කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය විශේෂ ඒකක, විධිවිධාන හා විශේෂ කාර්ය සාධක බලකායක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

40000 වින්දිතයන් වෙනුවෙන් අපිත් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා

ළමා අයිතිය සුරක්ෂිත කරන පැහැදිලි වැඩපිළිවෙළක් සදහා රජය ප්‍රවේශ වන ලෙස යෝජනා කරන බවත් #40000 වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට තමාගේම සේම සමගි ජන බලවේගයේ ද පූර්ණ සහයෝගය ලබා දෙන බවත් දේශපාලන ගැටලුවක් කර නොගෙන ළමුන්ගේ අයිතිය සුරක්ෂිත කරන්න වහාම පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Recent Posts

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

4 mins ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

6 days ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

6 days ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

1 week ago