හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate 80’ නම් වූ දැවැන්ත අධ්‍යාපන සහ සැමැරුම් උත්සව රැසක් මෙම මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා විද්‍යාලීය පරිශ්‍රයේ පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති නිලූක වීරසිංහ මහතා අද (18දා) සඳහන් කළේය.
පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය, වත්මන් ශිෂ්‍ය ප්‍රජාව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන අතර මෙම උත්සව මාලාවේ දැවැන්තම අංගය වන්නේ ‘ Cognizancy 2026 ‘ අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ සැණකෙළිය වේ.
ඊට සිසුන්ගේ නිර්මාණ, නවෝත්පාදන ඇතුළු විද්‍යා, තාක්ෂණික සහ කලා කුටි, විනෝදජනක අවස්ථා, වෙළෙඳ කුටි, සංගීත සංදර්ශන, සන්නද්ධ හමුදා පවත්වන විශේෂ සන්දර්ශන, පාසල් කැඩෙට් කණ්ඩායම් හි ඉදිරිපත් කිරීම් ඇතුළත් වන බව විදුහල්පතිවරයා කීවේය.
එසේම, රාජ්‍ය ආයතන සහ විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපන හා ප්‍රදර්ශන කුටි මීට ඇතුළත්වේ.
මෙම අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම් ශිෂ්‍ය සුබසාධනය, විද්‍යාලයීය යටිතල පහසුකම් සංවර්ධනයට සහ පාසල් ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යෑමට යොදා ගැනෙන බව විදුහල්පති නිලූක වීරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති නවීන්ද්‍ර ලක්නාත් මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම අධ්‍යාපනික සහ සැණකෙළි මාලාව සඳහා හැත්තෑපන් දහසකට ආසන්න පිරිසක් එකතු වනු ඇති බව අපේක්ෂා කරන බවය. දශක අටක් තිස්සේ විද්වතුන්, නායකයන්, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කෙරෙන විශිෂ්ටයන් බිහි කළ සිය කීර්තිමත් පාසලේ මෙම වැඩසටහන් මාලාව සාර්ථක කරගැනීම සඳහා ආදි ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු සැමගේ සහාය අපේක්ෂා කරන බව හෙතෙම කීවේය.
මෙම මාධ්‍ය හමුව බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති අතර මෙම අවස්ථාව සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ලක්ෂිත සමරවීර, ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති මොහාන් කන්නන්ගර මහතා ඇතුළු පිරිසක් එක්වූහ.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…