විශේෂාංග

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව සමස්ත ව්‍යවස්ථාමය පද්ධතිය පිළිබඳව පුළුල් අවධානයක් යොමු කළ යුතු බව මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර පවසයි.

ඇය පෙන්වා දෙන්නේ වර්තමානය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය (Constitutionalism), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද සහ රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයිද යන මූලික කරුණු සම්බන්ධයෙන් පවා සමාජය තුළ සැලකිය යුතු පටලැවිල්ලක් පවතින බවයි.

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැහැ” යන අදහස අවධාරණය කරමින් ඇය පෙන්වා දෙන්නේ, රටේ පාලන ව්‍යුහය හා ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දිගුකාලීන සහ ස්ථාවර විසඳුමක් පිළිබඳව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජය දිගුකාලයක් පුරා මහජනතාවට බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් සිය හඬ අවදි කර ඇති බවද මහාචාර්යවරිය සඳහන් කළාය.

ඒ සඳහා උදාහරණයක් ලෙස ඇය කොවිඩ්-19 වසංගත සමය පෙන්වා දෙයි. එම කාලයේදී මහජන සෞඛ්‍යය ජාතික වැදගත්කමකින් යුත් ප්‍රධාන කරුණක් බවට පත්වීමත් සමඟ වෛද්‍ය වෘත්තිකයන් ඒ සම්බන්ධයෙන් සමාජය වෙනුවෙන් හඬ නැඟූ බව ඇය පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ද මහජනතාවට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට බලපාන වැදගත් කරුණු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පෙරමුණ ගෙන කටයුතු කර ඇති බවද ඇය සඳහන් කළාය.

මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාවාදය සහ රටේ පාලන ව්‍යුහය සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවකදීය.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

12 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

12 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago