දේශීය

BREAKING ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් දිවි සැරිය නිම කරයි

ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා සිය දිවි සැරිය නිම කරන විට 81 වන වියෙහි පසුවුණා.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවයට ලක් වූ විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගෙන් එක් අයෙකු වන ඉක්බල් අතාස් මහතා ආරක්ෂක විශ්ලේෂකයෙකු ලෙස ද දිගු කාලයක් කටයුතු කළා.

ජාතික ආරක්ෂාව,රාජ්‍ය පාලනය,දේශපාලන බලය සහ සමාජයට බලපාන සංවේදී කරුණු ඔහුගේ ලේඛන වල ප්‍රධාන මාතෘකා වුණා.

බොහෝ දෙනා කතා කිරීමට භය වූ විෂයයන් ගැන සාක්ෂි, තොරතුරු සහ විශ්ලේෂණ මත නිර්භීතව කතා කිරීම ඉක්බාල් අතාස් මහතාගේ ප්‍රධාන ලක්ෂණයක් වුණා.

“සත්‍යය වෙනුවෙන් කිසිදු භයක් නැතිව කතා කළ මාධ්‍යවේදියෙක්”ලෙසයි බොහෝ දෙනා ඔහුව හැදින් වුයේ.

ඒ මහතාගේ දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ දෙහිවල පිහිටි මුස්ලිම් මහ පල්ලිය සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

An internationally renowned Sri Lankan journalist, Iqbal Athas, has passed away early this morning. He was 81. The funeral will be held this afternoon at the Grand Mosque cemetery, Dehiwala. Remains will lie at No. 11 C /1 Siriwardena Road, Hill Street, Dehiwala from 9.00am.

Recent Posts

ඇත්තට රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහට මොකද වුණේ?

රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහ, ක්‍රි.ව. 1896 නොවැම්බර් 24 වැනි දා මාතර නගරාසන්නයේ සහ…

2 weeks ago

අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටී

අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටීකොළඹ, 2026 ජනවාරි 15 සුභ…

2 weeks ago

කටුනායක ගුවන්තොටේ මත්ද්‍රව්‍ය වැටලීම මෙතෙක් විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා අතරට..

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට…

3 weeks ago

අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනයක්: වැස්ස යළිත් වැඩිවෙයි – අද මි.මී 100ක තද වැස්සක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන…

4 weeks ago

මන්ත්‍රී කවින්දගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා ඊයේ(05) මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා…

4 weeks ago

BREAKING හිටපු ඇමති ජොන්ස්ටන් FCID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ…

4 weeks ago