file
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයයින් තිදෙනෙක් ඊයේ(06) අත්අඩංගුවට ගන්නා ලදී.
වයස අවුරුදු 25,27 පසුවන වන සැකකරුවන් UL403 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් නුවර සිට මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ පිටවීමට තැත් කිරීමේ දී රේගු නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.
එහිදී සැකකරුවන්ගේ ගමන් මළු තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු අතර එහි වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 500ක් බවට ගණනය කර ඇත.
මෙම මත්ද්‍රව්‍ය වැටලීම ගුවන්තොටුපල ඉතිහාසයේ එක්වරක් තුළ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…