file
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයයින් තිදෙනෙක් ඊයේ(06) අත්අඩංගුවට ගන්නා ලදී.
වයස අවුරුදු 25,27 පසුවන වන සැකකරුවන් UL403 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් නුවර සිට මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ පිටවීමට තැත් කිරීමේ දී රේගු නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.
එහිදී සැකකරුවන්ගේ ගමන් මළු තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු අතර එහි වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 500ක් බවට ගණනය කර ඇත.
මෙම මත්ද්‍රව්‍ය වැටලීම ගුවන්තොටුපල ඉතිහාසයේ එක්වරක් තුළ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…