Tuesday, January 20, 2026
Homeදේශීයකටුනායක ගුවන්තොටේ මත්ද්‍රව්‍ය වැටලීම මෙතෙක් විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා අතරට..

කටුනායක ගුවන්තොටේ මත්ද්‍රව්‍ය වැටලීම මෙතෙක් විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා අතරට..

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයයින් තිදෙනෙක් ඊයේ(06) අත්අඩංගුවට ගන්නා ලදී.

වයස අවුරුදු 25,27 පසුවන වන සැකකරුවන් UL403 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් නුවර සිට මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ පිටවීමට තැත් කිරීමේ දී රේගු නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.

එහිදී සැකකරුවන්ගේ ගමන් මළු තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු අතර එහි වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 500ක් බවට ගණනය කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය වැටලීම ගුවන්තොටුපල ඉතිහාසයේ එක්වරක් තුළ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

file
READ:   චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යුත් නියාමන කාර්යාලයෙන් විමර්ශනයක්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්