වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්
ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම (AASL), සිලෝන් ෂිපිං කෝපරේෂන් (CSCL), ශ්‍රී ලංකන් ගුවන් සමාගම (SLA), ශ්‍රී ලංකා කේටරින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පුද්ගලික සමාගම, ජයා කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (JCT) යන ආයතනවල ක්‍රියාකාරිත්වය, 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ මෙහිදී විමසා බලනු ලැබීය.


