Wednesday, April 22, 2026
Homeදේශීයමේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළොත් අනාගතයක් නෑ. ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන...

මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළොත් අනාගතයක් නෑ. ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණයි! – ජනපති

පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළහොත් අනාගතයක් නොමැති බවත් ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයක් සමඟ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ කර්මාන්ත ශාලා, ගොඩනැඟිලි, මං මාවත් ඉදි කළ හැකි වුවත් අධ්‍යාපන දැනුම නොමැති නම් අනාගතයක් ළගා කර ගත නොහැකි බවයි.

ඒ නිසා නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කර රටට හොද අනාගතයක් නිර්මාණය කිරීමට රජයක් ලෙස කැපවී සිටින බව වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දීම මෙහිදී යෝජිත විය.

ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වන බවත් කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් සිටින බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා එම තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අපගේ අනාගත පරපුරද සූදානම් කළ යුතු බව පවසනවා.

අතීතය ගැන පමණක් සිතන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැරව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එක්විය යුතු බවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණක් බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

READ:   අප්‍රේල් 21 ප්‍රහාරයේ සැකකරුවෙකු රෝහලේ දී මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්