දේශීය

වසර 54කට පසු මිනිසුන් චන්ද්‍රයාට ගමන්කරයි – නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රෑ..

නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දක්නට ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා

මේ වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ අපිට දකින්නටලැබෙනවා. ඒක තමයි Quadrantids නම් කරන උල්කාපාත වර්ෂාව. මේක අපිට බලන්න පුළුවන් වෙන්නේ බූට්ස් (Boots) කියන තාරක රාශිය ආශ්‍රිතවයි.

මේ තාරුකා රාශිය මුදුන් වෙන්න පටන් ගන්නේ පාන්දර තුනට පමණ. අලුයම තුනේ සිට පාන්දර පහ දක්වා උල්කාපාත වර්ෂාව නැගෙනහිර අහසේ පැහැදිලිව දකින්නට පුළුවන්. මේ කාලය තුළ පැයකට උල්කාපාත අසූවත් සීයත් අතර ප්‍රමාණයක් දකින්නට හැකියාව ලැබෙනවා.

මේ උල්කාපාත වර්ෂාව ඇතිවන ආකාරය ගැන අපි කතා කළොත් එතනදි වෙන්නේ යම් ග්‍රාහකයක් හෝ වල්ගා තරුවකින් ඉවත් වෙලා ගිය පදාර්ථ කොටස් පවතින ප්‍රදේශයක් හරහා පෘථිවිය ගමන් කරන විට ඒ පදාර්ථය වායුගෝලය සමඟ ගැටෙනවා. එම ගැටීමේ දී මෙම කොටස් පෘථිවි වායුගෝලය තුළ දැවී විනාශ වී යාම උල්කාපාත මෙවැනි වර්ෂාවක් ලෙස දකින්නට හැකියාව ලැබෙනවා.

මේ අවුරුද්දේ මුලින්ම තියෙන උල්කාපාත වර්ෂාව දරුවන්ට හුඟක් වැදගත් වෙයි. මේ පිළිබඳ අවධානය යොමු කරන දරුවන්ට අවුරුද්ද මුලදිම මේ වගේ දෙයක් බලන්න පුළුවන් වීම තුළින් අභ්‍යවකාශ තොරතුරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න අවස්ථාව සැලසෙයි.

සාමාන්‍යයෙන් උල්කාපාත වර්ෂාවක් අපට පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතැනදී කිසිම ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. නැවත උල්කාපත වර්ෂාවක් දකින්නට ලැබෙන්නේ ලබන අප්‍රේල් මාසයේදී. සාමාන්‍යයෙන් අපිට වර්ෂයකදී උල්කාපාත වර්ෂා කිහිපයක් දකින්නට ලැබෙනවා.

මීට අමතරව මේ අවුරුද්දේ අභ්‍යවකාශය විද්‍යාව පිළිබඳ කතා කරනවිට නැවතත් චන්ද්‍රයා වෙත මිනිසුන් රැගෙන යාමට බලාපොරොත්තු වන වසරක් වීම විශේෂත්වයක්. නාසා ආයතනයේ artemis 2 මෙහෙයුම යටතේ ලබන පෙබරවාරි මාසයේදී මිනිසුන් හතර දෙනෙක් චන්ද්‍රයා වෙත ගිහිල්ලා චන්ද්‍රයා වටේ ගමන් කිරීමක් සිදුවෙනවා’ චන්ද්‍රයා මතට ගොඩ බැසීමක් ඒ අවස්ථාවේදී සිදු වෙන්නේ නැහැ. අන්තිමට මිනිසුන් චන්ද්‍රයා මතට ගිහින් තියෙන්නේ 1972 දෙසැම්බර් මාසේ. අපේ ජීවිත කාලය තුළ සිදුවෙන සුවිශේෂිත අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ කරුණ වශයෙන් මේක හඳුන්වන්න පුළුවන්.

Recent Posts

කටුනායක ගුවන්තොටේ මත්ද්‍රව්‍ය වැටලීම මෙතෙක් විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා අතරට..

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට…

7 hours ago

අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනයක්: වැස්ස යළිත් වැඩිවෙයි – අද මි.මී 100ක තද වැස්සක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන…

1 day ago

මන්ත්‍රී කවින්දගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා ඊයේ(05) මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා…

1 day ago

BREAKING හිටපු ඇමති ජොන්ස්ටන් FCID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ…

2 days ago

ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්

2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට…

6 days ago

විශේෂ විමර්ශන වාර්තාව: “ගංවතුර විදේශ ආධාර ඩොලර් උල්පත” – ශ්‍රී ලංකාවට ගැලපෙන සැබෑ සංවර්ධන ආකෘතිය

සැකසුම: ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සෙනරත් දිසානායක දිනය: 2025 නොවැම්බර් 29 තේමාව: ආපදා කළමනාකරණය සහ තිරසාර ආර්ථික…

1 week ago