දේශීය

නීතීඥ ගුණරත්න වන්නිනායකට ඇප

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුල පසුගිය සිකුරාදා දින පොලිස් නිලධාරියෙකු ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දින (15) අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් හා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළා.

නඩුවට අදාළ කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් සිදු කිරීමක් සිදුකළ බවට කරුණු අනාවරණය වුවහොත් සැකකරුගේ ඇප අවංලගු කිරීමට පියවර ගන්නා බවද පවසා සිටි මහේස්ත්‍රාත්වරයා, සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට ඇප තැබීමෙන් පසු හෙට දින (16) පෙරවරු 9ට බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද නියෝග කළේය.

සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටිය අතර පොලිස් නීතී කොට්ඨාසය වෙනුවෙන් නීතීඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ මහතා පෙනී සිටියා.

නඩුව නොවැම්බර් 17 යළි කැඳවීමට නියමිතයි

Recent Posts

පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…

8 hours ago

The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of Colombo

file The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of ColomboColombo,…

2 days ago

දකුණු දිග මුහුදෙන් හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 839ක් ගොඩ ගත් මෙහෙයුම

හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ට අධික තොගයක් දකුණුදිග මුහුදේ දී නාවික හමුදා…

2 days ago

“හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව – 2025 ”හෙට

හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව - 2025 (National Trauma Conference – 2025) සෞඛ්‍ය හා ජනමාධ්‍ය…

2 days ago

“පාඨලීට වන්දි ගෙවන්නැයි කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ට අධිකරණයෙන් නියෝග”

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් ප්‍රචාරය කළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක…

3 days ago

BREAKING ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හඳුන්වන ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවිය තුළදී ඝාතනය කිරීමට ආධාර අනුබල…

4 days ago