Thursday, September 10, 2026
Homeදේශීයනීතීඥ ගුණරත්න වන්නිනායකට ඇප

නීතීඥ ගුණරත්න වන්නිනායකට ඇප

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුල පසුගිය සිකුරාදා දින පොලිස් නිලධාරියෙකු ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දින (15) අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් හා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළා.

නඩුවට අදාළ කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් සිදු කිරීමක් සිදුකළ බවට කරුණු අනාවරණය වුවහොත් සැකකරුගේ ඇප අවංලගු කිරීමට පියවර ගන්නා බවද පවසා සිටි මහේස්ත්‍රාත්වරයා, සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට ඇප තැබීමෙන් පසු හෙට දින (16) පෙරවරු 9ට බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද නියෝග කළේය.

සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටිය අතර පොලිස් නීතී කොට්ඨාසය වෙනුවෙන් නීතීඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ මහතා පෙනී සිටියා.

නඩුව නොවැම්බර් 17 යළි කැඳවීමට නියමිතයි

READ:   දවසේ විදුලි කප්පාදුව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්