දේශීය

“පාඨලීට වන්දි ගෙවන්නැයි කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ට අධිකරණයෙන් නියෝග”

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් ප්‍රචාරය කළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාට වන්දි මුදලක් ගෙවන්නැයි අධිකරණය නියෝග කර ඇත. මෙම නියෝගය ලැබුණේ පාඨලී රණවක මහතා විසින් පවරා තිබූ නඩුවක තීන්දුව අවුරුදු 13කට පසු කොළඹ දිසා අධිකරණය විසින් අද දිනයේ දී ලබා දෙමින් ය.

මෙම නඩුව පැවරීමට හේතු වන්නේ 2010 දී ජනාධිපති මැතිවරණ කාලයේදී, රණවක මහතා විදුලිබල අමාත්‍ය ලෙස කටයුතු කරන අතරතුර කතරගම නිවාඩු නිකේතනයකට ඇඳක් රුපියල් 80,000කට කොළඹ සිට ගෙන ගිය බවට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායක රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළ ප්‍රකාශය යි. අධිකරණය විසින් එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව තීරණය කර ඇති අතර, එමඟින් පාඨලී රණවක මහතාගේ චරිතය ඝාතනයක් සිදු වූ බවත් සදහන් විය.

මාධ්‍ය හමුවේ දී රණවක මහතා ප්‍රකාශ කළේ, මෙම නඩුව ඔහු පැවරූයේ ජවිපෙ වෘත්තීය සමිති කණ්ඩායම් විසින් ඔවුන් දූෂණ විරෝධී බවත් තමන් දූෂිත බවත් පවසමින් තමන්ට එරෙහිව මඩ ගැසීමේ දේශපාලන ව්‍යාපාරයට ප්‍රතිචාරයක් ලෙස බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, තමන් විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ලාභ උපයන ආයතන බවට පත් කළද, එයට විරුද්ධව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගෙන තම චරිතය ඝාතනය කිරීමට උත්සාහ කළ බවය.

රණවක මහතා තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට අභියෝග කරමින් ප්‍රකාශ කළේ, ඔවුන්ට වන්දි මුදල් අවශ්‍ය නැති අතර, විදුලිබල මණ්ඩල සේවකයින්ගෙන් කප්පම් ලෙස අරගෙන තිබෙන රුපියල් කෝටි සිය ගණනක් ආපසු ගෙවිය යුතු බවයි. වසර 30ක් පුරා විදුලිබල මණ්ඩලයේ සිදුකළ වංචා හා කප්පම් පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු විය යුතු බවත්, අල්ලස් දූෂණ කොමිසම මෙම කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ යුතු බවත්ය.

අදාළ නඩුවේදී අධිකරණය තීරණය කළේ රංජන් ජයලාල් මහතා සහ ඒ පිළිබඳ වාර්තා කළ මාධ්‍ය ආයතනය, මාධ්‍යවේදිනිය යන සියලු පාර්ශ්ව ඒ අසත්‍ය ප්‍රකාශයට වගකිව යුතු බවයි. ඔවුන්ට පාඨලී රණවක මහතාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන්නැයිද නියෝග කර ඇත.

අවසානයේ, රණවක මහතා සඳහන් කළේ, මේ තීන්දුව හරහා දශක ගණනාවක් පුරා “හොරු, දූෂිතයෝ” යන චෝදනා මගින් පක්ෂ දේශපාලනය කර ඇති අයට දැඩි පිළිතුරක් ලැබී ඇති බවයි. එසේම, දූෂණ හා වංචා පිළිබඳ නිසි විගණන සහ විමර්ශන සිදු නොවන්නේ නම් ජනතා අධිකරණයක් උත්පන්න විය හැකි බවත් ඔහු අවධාරණය කර සිටියේ ය.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago