Thursday, September 10, 2026
HomeදේශීයBREAKING NEWS: දයාසිරි ගැන අධිකරණය තීන්දුව දෙයි

BREAKING NEWS: දයාසිරි ගැන අධිකරණය තීන්දුව දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර දයාසිරි ජයසේකර මහතා වෙනුවට මහලේකම් ධුරයේ කටයුතු කිරීම සඳහා පත් කළ සරත් ඒකනායක මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය, වාරණය නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පසුගියදා කටයුතු කළා.

එම තීරණය අභියෝගයට ලක් කරමින් දයාසිරි ජයසේකර මහතා විසින් අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ගොනු කර සිටියා.

READ:   පක්ෂයට දර දිය ඇද්ද මම බල්ලෙක් වගේ එලියට ඇදලා දැම්මේ - දයාසිරි සන්වේදී වෙයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්