Categories: දේශීය

රටේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර සුරක්ෂිත කිරීම වැදගත් – විපක්ෂ නායක

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය තහවුරු කරන ප්‍රත්‍යක්ෂ කරන වැදගත් ක්‍රියාවක් ලෙස මේ පෙරහැර සංස්කෘතිය හැදින්විය හැකි බවත් මීට වසර 49කට පෙර මල් පෙරහැරක් ලෙස ආරම්භ වූ මහරගම පෙරහැර අද වන විට දැවැන්ත පෙරහැරක් වී ඇති බවත් මෙය සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා පැවැත්ම උදෙසා වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අවස්ථාව සඳහා එක්වෙමින්. ශ්‍රී විපශ්‍යාරාම රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය මහකුඹුක්වැව චන්දානන්ද මහනායක ස්වාමීන් වහන්සේලා ආරාධනයෙන් මෙම අවස්ථාවට එක් වූ අතර එහිදී ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව සදාතුක කරඩුව මංගල හස්ථිරාජයා මතට තැන්පත් කිරීමේ උතුම් අවස්ථාවට ද එක්විය.

සම්බුද්ධ ශාසනය ආරක්ෂක කිරීම රැක ගැනීම පුරවැසියන් වන සියලු දෙනාගේ වගකීම සහ යුතුකම බවත් එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා පැහැදිලිව අන්තර්ගත බවත් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කර අනෙකුත් ආගම් හා ජාති වෙනුවෙන් වන ආරක්ෂණය සහ සුරක්ෂණය ලබා දෙමින් රටේම ඒකීයභාවය භෞමික අඛණ්ඩව ආරක්ෂා කරන්න කැපවෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහමේ විවිධ අවවාද උපදෙස් අනුගමනය කරන විට සුවපත් සශ්‍රීක දේශයක් බිහි කළ හැකි බවත් බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය පුරවැසි අප සියලු දෙනාටම වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

1 day ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

1 day ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago