Thursday, April 17, 2025
Homeදේශීයඅධිකරණ ඇමතිගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

අධිකරණ ඇමතිගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

2023 අංක 03 දරන මැති­ව­රණ විය­දම් නියා­මන පනත යටතේ ඇති බල­තල ක්‍රියා­ත්මක කිරීම සම්බ­න්ධ­යෙන් දේශ­පා­ලන පක්ෂ ලේක­ම්වරු සහ කොමි­ෂන් සභාව යෝග්‍ය­යැයි කල්ප­නා­ ක­රන තැනැ­ත්තන් කැඳවා සාක­ච්ඡා­වක් පව­ත්වන ලෙස ඉල්ල­මින් මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ඇතුළු සාමා­ජි­ක­යන් වෙත අධි­ක­රණ බන්ධ­නා­ගාර කට­යුතු හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ලිපි­යක් යොමු­කර ඇත.

එම ලිපිය මෙසේය.

ශ්‍රී ලංකාවේ සර්ව­ජන ඡන්ද අයි­තිය ජන­තා­වට ලබා දුන්නේ වුවද, මුල පටන්ම මැති­ව­ර­ණ­ව­ලදී සිදු­වන දූෂණ හේතු­වෙන් ජන­තා­වගේ සත්‍ය නියෝ­ජ­නය ප්‍රති­ඵල මඟින් නිරූ­ප­ණය වී නොමැත. එම දූෂණ අතර අල්ලස්, භිය­ගැ­න්වීම, රැව­ටීම, බල­පෑම් කිරීම යනාදී දෑ වන අතර, ජන­තා­වගේ දුගී දුප්ප­ත්කම යොදා­ගෙන ඔවුන්ව රව­ටන අව­ස්ථා­වන් අතී­ත­යේදී අප්‍ර­මා­ණව සිදු­වන ලදී. 1970 මැති­ව­ර­ණ­යේදී හඳෙන් හෝ ගෙන­විත් හාල් සේරු දෙක නොමිලේ ලබා දෙන බව පවසා 2/3 ක ආණ්ඩු­වක් බල­යට පත්වූ අතර, ධාන්‍ය ඇට රාත්තල් 8ක් දෙන බව පවසා 5/6ක ආණ්ඩු­වක් 1977 දී බල­යට පත්විය. එමෙන්ම ඊට පසු පව­ත්වන ලද මැති­ව­ර­ණ­ව­ලදී බොහෝ ජන­තාව ඡන්දය පාව්චිචි කළේ ජන­ස­විය, සමෘ­ද්ධිය, දිවි­නැ­ඟුම වැනි සහ­නා­ධාර ලබා ගැනීමේ බලා­පො­රො­ත්තු­වෙනි. එමෙන්ම නීති­යෙන් තහ­නම් වුවද පසු­ගිය මැති­ව­ර­ණ­ව­ලදී අපේ­ක්ෂ­ක­යන් රාජ්‍ය දේපළ මැති­ව­ර­ණ­ව­ලට යොදා ගැනීම බහු­ලව දක්නට ලැබුණි. සම­හර අමා­ත්‍ය­වරු රාජ්‍ය මුදල් මැති­ව­රණ විය­දම් සඳහා බව පව­ස­මින්ම අව­භා­විතා කරන ලදී.

පාසල් පොත්, වහල සෙවිලි තහඩු, වැසි­කිළි පෝච්චි, ඔර­ලෝසු, සාරි පම­ණක් නොව 2015 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී මාධ්‍ය වාර්තා කළේ එක් දේශ­පා­ලන පක්ෂ­යක් බදුල්ල දිස්ත්‍රි­ක්කයේ වතු­ක­රයේ අරක්කු බෝතල් 50,000ක් සහ රොටී පුච්චන යකඩ තැටි 50,000ක් බෙදා­දුන් බවය. එමෙන්ම තරුණ තරු­ණි­යන්ට රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ඡන්දය ලබා­ගත් අවස්ථා අන­න්තය. පසු­ගිය මැති­ව­ර­ණ­යේදී ද ජන­තා­වට පොහොර නොමිලේ ලබා දෙන බව පවසා ඡන්දය ලබා ගෙන පොහොර ලබා දීම මුළු­ම­නින්ම අහෝසි කළේය. රටේ කෘෂි­ක­ර්මා­න්තය වසර දහ­ය­ක­ට­වත් ගොඩ­ගත නොහැකි ලෙස විනාශ විය.

READ:   ජනපති සටනට සජිත් ඇප තියයි

පසු­ගිය මැති­ව­රණ ඉති­හා­සය දෙස බැලූ විට අඩු වැඩි වශ­යෙන් විශාල ප්‍රමා­ණයේ දූෂණ සිදුව ඇත. විශේ­ෂ­යෙන් ජන­තා­වගේ දුප්ප­ත්කම භාවිතා කර­මින් දේශ­පා­ලන අව­භා­වි­ත­යන් සිදු කිරීම රට බංකො­ලො­ත්භා­ව­යට පත් කිරී­මට හේතු විය. පසු­ගිය 2020 මැති­ව­ර­ණ­යේදී පවා නීති­වි­රෝධී ලෙස ද්‍රව්‍ය බෙදා­දීම සිදුවූ අතර, කොළඹ දිස්ත්‍රි­ක්කයේ පවා ලොරි­ව­ලින් ගෙන ගොස් හාල් බෙදුවේ ඡන්ද­යට දින කිහි­ප­ය­කට පෙරය. කොළඹ වතු නිවාස ආශ්‍රි­තව සුරා මත්ව­තුර සහ සහල් බෙදීම සුලභ දර්ශ­න­යකි.

පසු­ගිය පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී සම­හර අපේ­ක්ෂ­ක­යෙක් රුපි­යල් මිලි­යන 200ක් වැනි මුදල් සම්භා­ර­යක් විය­දම් කරන ලද බව පැහැ­දි­ලිය. එක් දිස්ත්‍රි­ක්ක­යක අපේ­ක්ෂ­ක­යෙකු රුපි­යල් මිලි­යන 1000ක් තරම් විද­යම් කළ බව පව­ස­නවා මට ඇසී ඇත. වැඩි ප්‍රමා­ණ­යක් මත්ව­තුර සඳ­හාය. නමුත් එම අපේ­ක්ෂ­ක­යන් ආදා­යම් බදු ලෙස සත­යක් ගෙවා නොමැත. සම­හර වත්කම් හා බැර­කම් ප්‍රකා­ශ­න­යන් පවා භාර දී නොමැත. එසේ විය­දම් කරන්නේ අල්ලස්, කොමිස්, කප්පම් ලෙස ලබා­ගත් කළු සල්ලි වන අතර, ජාවා­ර­ම්ක­රු­වන් ද ඔවුන් වෙනු­වෙන් විය­දම් කරයි. කුඩු ජාවා­ර­ම්ක­රු­වන් ද ඒ අතර වේ. මත්පැන් බල­පත්‍ර, ඉන්ධ­න­හල් බල­පත්‍ර, රජයේ ටෙන්ඩර් යනා­දිය බලා­පො­රො­ත්තු­වෙන් එසේ මුදල් විය­දම් කිරීම මෙරට සුලභ ලක්ෂ­ණ­යකි. මේ අත­රට විදේ­ශීය රට­ව­ල්ව­ලින් එන මුදල් ද වේ.

මේ වන විට සම­හර පක්ෂ මැති­ව­රණ අර­භයා නිර­න්ත­ර­යෙන් ලෝකයේ ධනේ­ෂ්වර රට­ව­ලට ගොස් මුදල් එකතු කිරීම ව්‍යාපා­ර­යක් ලෙස­ටම සිදු කරයි. එම මුදල් පක්ෂ අර­මු­ද­ලට බැර කිරී­මක් හෝ නොවන අතර, ඒවා සියල්ල වර්ත­මා­නයේ පව­තින මැති­ව­රණ නීති­යට පට­හැණි දණ්ඩ­නීය වර­ද­වල් වේ.

මෙරට පව­තින මෙම අභා­ග්‍ය­වන්ත මෙන්ම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය උඩු­ය­ටි­කුරු කර ඇති මැති­ව­රණ සංස්කෘ­තිය වෙනස් කර නීතියේ ආධි­පත්‍ය ස්ථාපිත වූ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් සඳහා මැති­ව­රණ කොමි­සමේ පූර්ණ සහ­යෝ­ගය ඇතිව අප 2023 අංක 03 දරන මැති­ව­රණ විය­දම් නියා­මන පනත ඉදි­රි­ප­ත්කොට සම්මත කර ගන්නා ලදී. මෙම පනත සම්මත කර ගැනීම ඉතා අසීරු ඉල­ක්ක­යක් වූ අතර, විප­ක්ෂයේ පක්ෂ මෙම පන­තට විරු­ද්ධව ඡන්දය දුන් හේතුව කොමි­ස­මට මෙන්ම ජන­තා­වට ද අව­බෝධ කර ගත හැකිය. එම පනත ජනා­ධි­ප­ති­ව­රණ, පාර්ලි­මේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැති­ව­රණ සිය­ල්ල­ටම බල­පාන පන­තකි.

READ:   රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවට කැඳවයි

ඉදි­රියේ පැවැ­ත්වී­මට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණය හා පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සඳහා දේශ­පා­ලන පක්ෂ­ව­ලින් හා ස්වාධීන ලෙස ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යන්ගේ වත්කම් හා බැර­කම් ඇතුළු අවශ්‍ය තොර­තුරු ලබා ගැනී­මත්, එක් එක් දේශ­පා­ලන පක්ෂ­ය­කට සහ අපේ­ක්ෂ­ක­යෙ­කුට විය­දම් කළ හැකි උප­රිම මුදල සීමා කිරී­මත් කොමි­ෂන් සභාවේ වග­කී­මකි. මෙම නීතිය බලා­ත්මක වූ 2023 ජන­වාරි 24 වන දිනෙන් පසුව මේ දක්වා මැති­ව­ර­ණ­යක් පවත්වා නොමැත. පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ව­ලදී සිදු­වන නීති විරෝධී ක්‍රියා, අල්ලස්, කප්පම් වැනි සිදු­වීම් සඳහා වර්ත­මා­නයේ පව­තින සමා­නු­පා­තික මැති­ව­රණ ක්‍රමය යටතේ නීතිය අක­ර්මණ්‍ය වී ඇත.

පාර්ලි­මේන්තු හෝ පළාත් සභා මැති­ව­ර­ණ­ය­කදී යම් අපේ­ක්ෂ­ක­යෙක් නීති විරෝධී ක්‍රියා, කප්පම් ගැනීම්, අල්ලස් ගැනීම්, අනු­බ­ල­දීම්, බිය වැද්දීම් කිරීම් යනා­දිය සිදු කළත් එය එම මැති­ව­රණ දිස්ත්‍රි­ක්කයේ සමස්ත ප්‍රති­ඵ­ල­යට බලපා නොමැත්තේ නම් අපේ­ක්ෂ­ක­යකු පත්වීම් අව­ලංගු කළ නොහැකි බවට අධි­ක­ර­ණය විසින් දී ඇති තීන්දු නිසා වක්‍රා­කාර ලෙස ව්‍යව­ස්ථා­පිත නීතිය අව­ලංගු වී ඇත. ඊට පෙර එවැනි දූෂණ සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ නඩු මඟින් බොහෝ­දෙ­නාගේ මන්ත්‍රී ධුර අහෝසි වූ නමුත් වර්ත­මා­නයේ ක්‍රියා­ත්මක තත්ත්වය නිසා ජන­තා­වගේ අපේක්ෂා භංග වී ඇත.

මෙම තත්ත්ව­යන් සලකා බලා නව පනත යටතේ මැති­ව­රණ කොමි­ෂන් සභාව ක්‍රියා කරනු ලබන ආකා­රය දැන ගැනී­මට ජන­තා­වට ඇති අයි­ති­යට ගරු කර­මින් දේශ­පා­ලන පක්ෂ ලේක­ම්වරු සහ/හෝ කොමි­ෂන් සභාව යෝග්‍ය­යයි කල්පනා කරන තැනැ­ත්තන් කැඳවා සාක­ච්ඡා­වක් පව­ත්වන ලෙස මම ඉල්ලා සිටිමි.

මම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ව්‍යව­ස්ථා­නු­කූ­ලව තේරී­පත් වූ සභා­පති වුවත් දැනට එම තන­තුර අධි­ක­රණ නියෝ­ග­යක් විසින් වාර­ණය කර ඇත. මැති­ව­රණ විය­දම් නියා­මන පනත ඉදි­රි­පත් කර සම්මත කර ගත් අධි­ක­රණ අමා­ත්‍ය­ව­රයා ලෙස එම පනත නිසි ලෙස ක්‍රියා­ත්මක වීම තහ­වුරු කිරීම මාගේද වග­කී­මක් වනු ඇත.

ඔබ කොමි­ෂන් සභාව ඒ සඳහා දින­යක් හා වේලා­වක් නියම කරන ලෙස ඉල්ලා සිටින අතර, ශ්‍රී ලංකා පොලි­සියේ සහ අල්ලස් හෝ දූෂණ කොමි­ෂන් සභාවේ නියෝ­ජි­ත­ව­ර­යන්ගේ සහ­භා­ගී­ත්වය ඉතා ඵල­දා­යක වනු ඇතැයි මම විශ්වාස කරමි.

READ:   පොදු අපේක්ෂකයා රනිල් - ආශු මාරසිංහ 

එමෙන්ම මෙම පනත සම්මත කර ගැනී­මේදී සිවිල් සමා­ජය දැනු­වත් කර­මින් මා හට විශාල ශක්ති­යක් ලබා­දුන් සාධා­රණ සමා­ජ­යක් උදෙසා ව්‍යාපා­රයේ නායක හිටපු කථා­නා­යක දේශ­මාන්‍ය ගරු කරු ජය­සූ­රිය මහ­තාගේ සහ­භා­ගී­ත්වය ද වැද­ගත් බව සඳ­හන් කිරී­මට කැමැ­ත්තෙමි.

උපුටා ගැනීම: දිනමිණ

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්